NewsPolitical

අගමැති ජාතිය අමතන්න සූදානම්.. ඉල්ලා අස් නොවන්නැයි දැඩි ඉල්ලීම්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අද රාත්‍රී හතට මෙම විශේෂ ප්‍රකාශයෙ සිදුකිරීමට නියමිතව තිබෙන බවයි.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කරනු ඇති.

රට අර්බුදකාරී තත්වයකට පැමිණ ඇති නිසා ජාතිය අමතන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා ගෙන කළ ඉල්ලීමක් අනුව මෙම ප්‍රකාශය කරනු ඇතැයිදි සදහන්ය.

අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසත් තවදුරටත් ධුරයේ රැඳී සිටින ලෙසත් එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රී පිරිස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

Related posts

බන්ධනාගාරයේ විරෝධතා.. දුමින්දට සේ නිදහස ඉල්ලයි..

Maimoonar

නවතා තිබූ රියේ තවත් රියක් ගැටී මාධ්‍යවේදියාත් දෙහැවිරිදි පුතාත් රෝහලේ

Maimoonar

O/L ප‍්‍රතිඵල නිකුත් වේ…

Maimoonar

775 comments

Comments are closed.