NewsPolitical

සිංහලයන් ගොන් තඩියන්.. ඒක හරියටම හරි…- මෛත‍්‍රී

සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් මෙරට ජනතාවට ගැළපෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අනගාරික ධර්මපාල තුමන් පසුකලෙක භික්ෂූත්වයට පත්වී ඉන්දියාවට ගොස් තමන්ගේ රට ලංකාව බවත් ලංකාව අතහැර ඉන්දියාවට පැමිණියේ කළගුණ නොදන්නා මිනිස්සු තම රටේ සිටිනා නිසා බවත් තමා ලංකාව පැත්තට හිස දමා නිදා ගන්නේ වත් නැති බව පැවසූ බවද හෙතෙම පැවසීය.

එදා ධර්මපාලතුමන් පැවසූ ආකාරයට සිංහලයන් ගොන් තඩියන් යන කතාව අදටත් ගැළපෙන බවත් එය එකඟ විය හැකි කාරණාවක් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති අනගාරික ධර්මපාල මහා සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Related posts

වත්මන් බැංකුවකට සමාන පුරාන ස්ථානයක් හමුවෙයි…

Maimoonar

ශ්‍රී ලංකා පිළ එක්දින ක්‍රිකට් පිටියේ පහළටම ඇද වැටෙයි

Maimoonar

ගුවනේදී ගැටුමක්: KL-චෙංඩු එයාර් ඒෂියා ගුවන් යානයකදී ශබ්ද ආරවුලක් දුරදිග යයි

Maimoonar

3 comments

Comments are closed.