Local NewsNews

ශ‍්‍රී ලංකාව බඩගින්නේ.. හාල්, පරිප්පු, පැරසිටමෝල් ගන්නත් පෝලිම්..- විදෙස් මාධ්‍ය

ශ්‍රී ලංකාව තුල උග්‍ර ආහාර හිගයක් ඇති වී තිබෙන බව The Ttraits Times පුවත්පත වාර්තා කරයි.

මේ හේතුවෙන් සුපිරි වෙළඳසැල්වල රාක්ව හිස්ව ගොස් ඇති අතර ආපන ශාලා වලට ආහාර සැපයීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

මෙම වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය බංකොලොත්භාවයට මුහුණ දී සිටින්නේ ඩොලර් ආදායම් මාර්ග සිඳී ගොස් තිබෙන නිසා බවද ඔවුන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ගෑස්, භූමිතෙල්, මාළු, පරිප්පු, සහල් සහ පැරසිටමෝල් දක්වා සෑම දෙයක් ම මිලට ගැනීමට මාර්ග වල දිගු පෝලිම්වල රැඳී සිටින්නට සිදුව ඇති බවද එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

නමුත් එම වාර්තාව දැඩිව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටින්නේ අදාල ලිපිය නිර්ලජ්ජිත සහ වැරදි සහගත ලිපියක් බවයි.

ලිපියේ සඳහන් ආකාරයට පැරසිටමෝල් හාල් පරිප්පු භූමිතෙල් ගෑස් මාළු ගැනීමට පෝලිම් දක්නට නොලැබෙන බව ද හෙතෙම පැවැසීය.

Related posts

අභියෝගය භාර ගන්න සූදානම්.. රට භාර දෙන්න…

Maimoonar

දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..

Maimoonar

සියළුම ජාලවලින් එකම අංකයක්..

Maimoonar

10 comments

Comments are closed.