32 C
Colombo
February 19, 2026
Local NewsNews

ශ‍්‍රී පාදයේ අධික තදබදයක්.. විනාඩි ගණනක් එකම තැන.. කිලෝමීටර ගණන් වාහන පෝලිම්..

සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනා පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වන්දනාකරුවන්ට විනාඩි ගනනක් එක තැන රැදි සිටිමට සිදුවු බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පොංගල් උත්සවයත් සමග පැමිනි දිර්ග සති අන්ත නිවාඩුව හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මෙම දින දෙක තුල අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත්ය.

එසේ අති විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වන්දනාකරුවන්ගේ දැඩි තද බදයක් හටගත් බවත් එම තත්වයන් මත  සමහර ස්ථානවලදි වන්දනාකරුවන්ට විනාඩි කිපයක් එක් තැන රැදි සිටිමට සිදුවු බවද ඔහු පවසන ලදි.

එමෙන්ම වන්දනාකරුවන් පැමිනි රථ වාහනවලින් නල්ලතන්නිය රථ ගාල් පිරි යාමත් සමග වන්දනාකරුවන් පැමිනි රථ වාහන නල්ලතන්නිය සිට මෝහිණි ඇල්ල අසලත් පසු කරමින් පෝලිම් ගසා නතර කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා පවසන ලදි.

අධික පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට මෙසේ පැමිනියද එම සියලුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ උපදෙස් මත නල්ලතන්නිය පොලිසිය මගින් උපරිම ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කල බවද ඔහු තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

ට‍්‍රම්ප් බදු ගැහුවේ අද ඊයේ ගැටළුවක් නිසා නොවේ.. පෙර පාලනයන්වල ප‍්‍රතිපත්ති නිසා..- විදේශ නි. ඇමති

Maimoonar

චීනයෙන් බිලියන දෙකහමාරක ණයක්.. බිලියනයක් චීන ණයක් ගෙවන්නමයි..

Maimoonar

සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් ඇරඹෙයි.. නිවාස වහලවල් විදුලි බලාගාර කරයි..

Maimoonar

3 comments

Comments are closed.