28.4 C
Colombo
August 13, 2026
Local NewsNews

ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..

ලි‌ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය.

තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබූ බවත්, නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කරන බවත් සදහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලිපියකින් දැනුම් දෙනු ලැබීය .

ඔහු සභාපති ධුරයෙන් පමණක් නොව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන්ද ඉවත් කළ බව එම ලිපියේ සඳහන්ව තිබිණි .

ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනාධිපති වරයාවරයාගේ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදුව ඇති අතර නැවත ඔහු පත්කිරීම ද ඔවුන් දෙදෙනාගේ උපදෙස් මත සිදු වූ බව වාර්තා විය

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ සමාගමේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට එහි ගිය අවස්ථාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ද පැමිණ සිටි අතර, එහිදී ජනාධිපතිවරයා තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද දැනුම් දුන් බව වාර්තා විය .

ඒ අනුව තුෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහු නැවත එම තනතුරට පත් කරනු ලැබූ බව වාර්තා විය

– lankadeepa

Related posts

67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…

Maimoonar

සමාගම් 35කට ග්‍රීන් චැනල්…

Maimoonar

සතොස ගෙන්වූ කන්ටේනර් 48ක සහල් කුණු වෙලා..

Maimoonar

2 comments

Comments are closed.