27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

වැස්ස නෑ… ඉන්ධන නෑ.. රට පුරා විදුලි කප්පාදුවක්..

ජනවාරි මස අවසන් තුන් වෙනි සතිය පමණ වන විට රට පුරා වරින් වර විදුලි කප්පාදුවක් සිදු වුණු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පවතින ඉන්ධන අර්බුදය සහ වියළි කාළගුණ තත්ත්වය මත අවශ්‍යතාවය අනුව රට පුරා ප්‍රදේශ රැසකට මෙම විදුලි කප්පාදුව සිදු වුනු ඇති බවද එම ප්‍රකාශකයා පැවසීය.

මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය සඳහා විදුලි උත්පාදනය කර ගැනීම ගැටලු සහගත වීම මත ඉදිරියේදී කාර්යබහුල වේලාවන්හිදී විදුලි ඉල්ලුම ඉහළ ගියහොත් පද්ධතියේ බිඳවැටීමක් අපේක්ෂා කළ හැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

කෙසේ නමුත් විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමෙන් මෙම තත්ත්වය වළකාගත හැකි තත්ත්වයක ඇති බවත් එසේ නොවී වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් රට පුරා විටින් විට විදුලි කප්පාදුවක් සිදු වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් කැළණීයේදී සප‍්‍රයිස් වී කෙලෙස් ඇතිවෙයි.. බුදුවෙන්න පරක්කු වෙයි..

Maimoonar

සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

Maimoonar

විශ්වවිද්‍යාල පීඨාධිපති – අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණයට එරෙහිව Free Lawyers සංවිධානයෙන් විරෝධයක්

Maimoonar