29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

තවත් ගෑස් පිපිරුමක්..

තලවකැලේ දුම්රිය පොල මාර්ගයේ පිහිටි නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ ගැස් උදුන (01) දින පුපුරාගොස් ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

(01)දින නිවාස හිමියා ගැස් උදුනෙන් ජලය රත්කර තේ සැදිමෙන් අනතුරුව ගැස් උදුන ක්‍රියා විරහිර කර නිවසින් එළියට පැමිණි අවස්තවේ එකවරම විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව ඒ පිලිබදව පරික්ෂා කිරිමේදි ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ ගැස් උදුන පුපුරා ගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර , පිපිරිම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධික්ෂණය යටතේ පොලිස් ස්ථාන පරික්ෂණ නිලධාරින් (SOCO)  යටතේ පරික්ෂණ පවත්වන බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

Maimoonar

කාලය ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අද සිට සහන කාලයක්

Maimoonar

අගමැති චීනයෙන් උදවු ඉල්ලයි..

Maimoonar

909 comments

Comments are closed.