Local NewsNews

පාසැල් වසා දමා නැවතත් සංචරණ සීමා..?

දරුවන් අතර කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය මත නැවතත් රටේ පාසැල් පද්ධතිය වසා දැමීමට සිදු වීමේ හැකියාවක් ඇති බවද හෙතෙම පැවසීය.

මේ හේතුවෙන් වැඩිහිටියන් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බවත් වෛරසය නිවස රැගෙන යාම වළක්වා ගැනීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ තවදුරටත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහත ගියොත් පළමුවෙන්ම පාසල් පද්ධතිය වසා දැමීමට සිදු වනු ඇති බවයි.

ආසාදිතයන් තව දුරටත් ඉහල ගොස් විකල්පයක් නැති වූවොත් නැවතත් සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇති බවද ඔහු කියා සිටියේය.

Related posts

පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ‍්‍රීලනිපය සූදානම්..

Maimoonar

ලාල්කාන්ත මහතාගේ “වනචාරියා” ප්‍රකාශයෙන් කිසිවකු නම් කර නැති බව රජය පවසයි

Maimoonar

රට බංකොලොත් වෙන්නෙ දෙන්නෑ… සංවර්ධනයේ හිණිපෙත්තටම ගෙනියනවා…

Maimoonar

1 comment

Comments are closed.