28.9 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

දෙන්නේ ගෑස් ඉල්ලුමෙන් 30%යි… අලෙවි නියෝජිතයන් අමාරුවේ..

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවලට දින පහකට ආසන්න කාලයක් ගැස් සමාගම් විසින් ගෘහස්ථ ගැස් බෙදා හැරිම සිදු නොකර (03) දිනයේ ඉතා සිමිත ගෘහස්ථ ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් ලබාදිම හමුවේ තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.

ලිට්‍රෝ ගැස් සමාගම විසින් දින පහකට පසු (03) දින අලෙවි නියෝජිතයාගේ ඉල්ලුමෙන් 30% පමණ ප්‍රමාණයක් ගැස් තොග ලබාදිම නිසා එම ප්‍රමාණය පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

ඇතැම් ගැස් අලෙවි නියොජිතයන් තමන්ට (03) දින ලබාදුන් ගැස් තොග ප්‍රමාණවත් නොවිම නිසා අලෙවිසැල් වසා දමා ගැස් නොමැති බවට සදහන් කර දැන්විමක්ද අලෙවිසැල් ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබුණි.

(04) දිනට යෙදෙන දිපාවලි උත්සව සමයේ ගැස් නොමැති විමෙන් ප්‍රදේශයේ හින්දු ජනතාව මෙන්ම හැටන් නගරයේ ආපනශාලා හිමියන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ශ‍්‍රී ලන්කන් ඩොලර් ගෙවා ඉන්ධන ගනී…

Maimoonar

හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වෙලා…

Maimoonar

‘පෙරට වඩා ශක්තිමත්ව සහ ආරක්ෂිතව යළි ගොඩනැඟීමට රජයෙන් පේරාදෙණියට සහාය’ – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

Maimoonar

1 comment

Comments are closed.