Business Business News News Political

ඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..

ඉන්ධන හිඟයක් ඇති වන බවට විපක්‍්‍ය හා විපක්ෂයේ සහාය ලබන වෘත්තිය සමිති ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉන්ධන හිගයක් හෝ මිල ඉහළ යාමක් සිදු කරන්නේ නම් පළමුවෙන්ම රටට ඒ බව දැනුම් දෙන්නේ තමන් බව ද ඒ මහතා පැවසීය.

මීට පෙර ද රටේ විදේශ විනිමයක් අර්බුදය ඇතිවන බව මුලින් ම හෙළි කළේ ද ඉන්ධන මිල වැඩි කිරීමට පෙර ඒ ගැන ජනතාවට ඉදිරියට විත් පළමුවෙන්ම පැවසුවේ ද තමන් බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව ජනතාව විපක්ෂයේ ප්‍රචාරයන් වලට රැවටී පෝලිම්වල සිටීමට අවශ්‍ය නොවන බව ද ඔහු පවසයි.

දැනට ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුනොවන බවත් ඒ සඳහා විකල්පයක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීය.

Related posts

සරත් ෆොන්සේකා බල්ලෙක්..ඔහු එජාපයෙන් පන්නා දැමිය යුතුයි-තෙවරප්පෙරුම නොනැවතේ

Shiran Viraj

පිරවුම්හලක හිමිකරු හා සේවකයින් පාරිභෝගිකයෙකුට අමානුෂිකව පහර දී බිම දිගේ ඇදගෙන යයි… හමුදාව නිහඩයි…

Shiran Viraj

තැන්පතු මුදල් නීති විරෝධී ලෙස ලබාගත් මූල්‍ය ආයතනයකට මහබැංකුවෙන් නියෝගයක්

Shiran Viraj

Leave a Comment