Local News News

මහවැලි ගග පිටාර ගලයි….

මධ්‍යම කදුකරයට  (12) දින උදැසන සිට ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300 සහ නාවලපිටිය රෝහල පාර මෙසේ  වැසි ජලයෙන් යට වි  තිබුණි.

ප්‍රධාන මාර්ගය අභියස පිහිටි වෙලදසැල් කිහිපයක්ද වැසි ජලයෙන් යට විම නිසා ව්‍යාපාරිකයන්ද දැඩි අසිරුතාවයට පත්විය.

තවද නාවලපිටය ප්‍රදේශයට ඇදහැලුනු වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලිමෙන් නාවලපිටිය  වලපිටිය සහ වැලිගම්පල  ප්‍රදේශයේ නිවාස රැසක් සහ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ඕස්ට්‍රේලියාවේ සිරවූ පිරිසකුත් කටුනායකින් බහී.. සැප ඉල්ලා රණ්ඩු නොකරයි..

Shiran Viraj

පොල් මිල විශාල ලෙස ඉහළට…

Shiran Viraj

රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..

Shiran Viraj

2 comments

Comments are closed.