27.2 C
Colombo
September 10, 2026
Local NewsNews

ඇගළුම් කම්හලකින් ඩෙල්ටා මතුවේ.. සෞඛ්‍ය අංශ තිගැස්සී යයි..

තා වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රවේගය ආසාදිතයන් 14 දෙනෙකු හදුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මෙම මේ බව තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

මීට පෙරද මෙම ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් 05 දෙනෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ දැනට ආසාදිතයන් 19 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ හඳුනාගන්නා ලද ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් 14 දෙනා අතර කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවක ද සිටියි.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මේ බව බව තහවුරු කරමන් පවසන්නේ
අදාළ සේවිකාව රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි.

මෙම තත්වයත් සමග සෞඛ්‍ය අංශ දැඩි තිගැස්මට ලක් ව ඇති අතර ඔවුන් ජනතාවෙරැුන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා දැඩිව පිලිපදින ලෙසයි.

Related posts

මෙරට විද්‍යාඥයන් විස්මිත නිපැයුමක.. කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක් හදයි…

Maimoonar

ජනවාරියේ සිට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළට

Maimoonar

ශ‍්‍රී ලංකාව අර්බුදයක.. පද්ධති සම්බන්ධ කර ඉන්දියාවෙන් විදුලිය ගන්න සාකච්චා…- රොයිටර්

Maimoonar

826 comments

Comments are closed.