Business Business News News

ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී.. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්..

රජය විසින් රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් බිලියන 2.15 ක හදිසි ණය ගැනීමට තීරණය කර තිබේ.

මීට තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිත පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙසයි.

චීනයෙන් ඩොලර් බිලියන එක හමාරක්, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්, බංග්ලාදේශය ඩොලර් මිලියන 250 ක් ලෙස මෙම ණය මුදල ලබා ගැනීමට අපේක්ෂිතයි.

ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් ලබාගන්නා ගන්නා ඩොලර් මිලියන 650 ණය මුදල විනිමය හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට ද තීරණය වී ඇත.

චීනයෙන් ලබාගන්නා ණය මුදල දිගුකාලීන ණයක් ලෙස ලබා ගැනීමට නියමිතව තිබේ.

දැනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.2 පමණක් වන අතර එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයනය සඳහා පමණක් බව පසුගියදා රජය ප්‍රකාශ කළේය.

Related posts

ජනාධිපති අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා.. එනිසා නිදහස් උත්සවයට ගියේ නෑ..

Shiran Viraj

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

Shiran Viraj

විශ්‍රාමික පොලිස් ලොක්කෙක් නීති විරෝධීව පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලට පත් කරලා..

Shiran Viraj

Leave a Comment