News Political

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි රටේම ජනතාව ඉල්ලනවා.. 2015ට කලින් සේ යලි කරන්නලු..

අද වන විට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එන්නැයි ජනතාවගේ ඉල්ලීම වැඩි වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.

ජනතාව එම ඉල්ලීම කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිටින විට ජනතාවට සහන සැලසීම සදහා රටේ ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපති අගමැති ඇතුළු රජයට ශක්තිය ඇතිවන නිසා බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන්නේ දේශපාලඥයන් පමණක් නොව රාජ්‍ය නිලධාරීන් පවා ඉල්ලීම් කරන බව ද ඔහු එහිදී සඳහන් කළේය.

2015 වර්ෂයට පෙර තිබූ අන්දමට කටයුතු කරන්නට ඉඩ ලබා දෙන ලෙස එම නිලධාරීන් ඉල්ලා සිටින බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related posts

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…

Shiran Viraj

අකුරැස්සේ පාසැලක් වසා දමයි..

Shiran Viraj

භික්‍ෂුවක් ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර සමාජ ජාලවලට මුදාහරී..

Shiran Viraj

4 comments

Comments are closed.