26.7 C
Colombo
October 2, 2026
NewsSportsSports News

ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 209 ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු 07 ක් දැවී ලකුණු 493 ක් රැස්කර ගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටවූවා.

පිලිතුරු ලෙස බංග්ලාදේශයට පළමු ඉනිම සඳහා රැස්කර ගත හැකිවූයේ ලකුණු 251 ක් පමණයි. සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළ කඩුළු 9 කට ලකුණු 194 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවූවා. ඒ අනුව බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 437 ක්.

කෙසේවෙතත් බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 227 ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් ජයවික්‍රම බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුළු 05 ක් දවා ගත්තේ ලකුණු 86 කටයි.

ඒ අනුව සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුළු 11 ක් දවා ගැනීමට ඔහු සමත්වුණා. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව 1 ට 0 ක් ලෙස බංග්ලාදේශ තරගාවලිය ද ජය ගත්තා.

මෙම තරගය සැලකෙන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ අවසන් තරගය ලෙසයි.

මෙවර ශූරතාවලියේ ශ්‍රී ලංකාවට හිමිවූයේ 08 වන ස්ථානයයි. ඒ, තරග 12 කදී ජයග්‍රහණ 02 ක්, ජය පරාජයෙන් තොරව අවසන්වීම් 04 ක් සහ පරාජයන් 06 ක් ලැබීම හේතුවෙන්.

Related posts

ලෝක කුසලානය අස්සේ ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය අවුරුදු අටකින් දිගු කරන්න ගැසට්ටුවක්…

Maimoonar

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගිනි අවි ගන්න පෝලිමේ…

Maimoonar

ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…

Maimoonar

824 comments

Comments are closed.