29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

මන්නාරමේ රක්ෂිතයක් බැකෝ යන්ත්‍රයකින් එලිපෙහෙලි කරයි.. අත්අඩංගුවට..

මන්නාරම අඩම්පන් පොලිස් වසමේ කොවිකොඩිත්තාවිල් රක්සිතයේ පස් කපන යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කළ අයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් මුක්කම්පන් කොවිකොඩිත්තාවිල් රක්ෂිතයේ පිහිටි කැලෑවක් පස් කපන යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කරමින් සිටියදී මෙම වැටලීම සිදු කරන ලදි.

එහිදී රක්ෂිත භූමිය විශාල ප්‍රමාණයක් ඒ වන විටත් එලි පෙහෙලි කරමින් තිබී ඇති අතර අදාල භූමිය අනවසරයෙන් රහසිගතව එලිපෙහෙලි කරන බවට අනාවරනය වීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලදාරීන් විසින් අදාල සැකකරු සමගින් පස්කපන යන්ත්‍රයද අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අලව්ව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකු වන අතර ඔහු සමගින් පස්කපන යන්ත්‍රය අඩම්පන් බීට්ටු අඩවි වන නිලධාරී කාර්යාලය වෙතට භාර දීමට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගන්නා ලදි.

Related posts

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළට

Maimoonar

මා බූස්ටර එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා..- ආසාදිත රාජ්‍ය ඇමතිගෙන් රටට පණිවුඩයක්..

Maimoonar

අපේක්ෂකයන්ට නොමිලේ තැපැල් පහසුකම්…

Maimoonar