Local News News

ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා හදුන්වා දුන් ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයකයන් 06 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද තහවුරු කරයි.

මන්ත්‍රීවරයාද සඳහන් කර ඇත්තේ එම කොරෝනා ඖෂධය නිවැරැදි මාත්‍රාවට තමන් සහ පවුලේ සියලු දෙනා භාවිතා කළ බවයි.

මේ වන විට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් දෙසීයක පමණ පිරිසක් නිරෝධායනයට යොමුකර තිබේ.

Related posts

ස්ථාන ගණනාවකින් පළගැටි උවදුර…. ඉක්මන් පියවර නොගතහොත් ගොවියා අමාරුවේ…

Shiran Viraj

පාස්කු ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ වැඩක් නොවේ – මුජිබර් රහුමාන්

Shiran Viraj

හඳුනා ගත් භාණ්ඩ කීපයක් ආනයනය කිරීම අත්හිටුවයි

Shiran Viraj