29.5 C
Colombo
October 1, 2026
International NewsNews

දෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…

හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවක (13) දින තිරගත කරන ලද දමිල චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන බවට ලද තොරතුරක් මත වතුකරයේ තරුණයන් පිරිසක් (13) දින උදැසන සිට එම සිනමා ශාලාව ඉදිරිපිට නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් රැදි සිටිහ.

තෛපොංගල් දිනය නිමිත්තෙන් ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන විජය රංගනයෙන් දායකත්වය දක්වන එම චිත්‍රපටිය (13) දින දිවයිනේ සිනමා ශාලා ගණනාවකම තිරගත කරන ලදි.

හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවේදි එම චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන බවට ලද තොරතුරක් මතයි වතුකරයේ තරුණයන් පිරිසක් (13) දින උදැසන සිට එම සිනමා ශාලාව ඉදිරිපිට රැදි සිටිහ.

එවැනි චිත්‍රපටියක් (13) දින ප්‍රදර්ශනය කිරිමට එම සිනමා ශාලාවේ හිමියන් කටයුතු නොකර සිටියදි වතුකරයේ තරුණයන් පිරිසක් සිනමා ශාලාව ඉදිරිපිට රැදි සිටිම නිසා හැටන් පොලිසියේ නිලධාරින් එම පිරිස පලවා හැරිමට කටයුතු කලහ.

Related posts

එජාපයේ පාර්ශ්ව දෙක අද ප්‍රධාන සාකච්ඡා දෙකක

Maimoonar

අදානි සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි.. නිල නිවේදනය මෙන්න..

Maimoonar

වතුකරයට ජපානයේ අතහිත.. තානාපති වතුකරයේ සංචාරයකි..

Maimoonar

3 comments

Comments are closed.