29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ

බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන මෙවර සිරිපා වන්දනා සමය අදට යෙදී ඇති උඳුවප් පොහොය දිනයට සමගාමීව ආරම්භ වෙයි.   

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් සඳහන් කලේ අද අලුයම යෙදී තිබූ සුභ නැකතකට අනුව චාරිත්‍රානුකූලව සිරිපා වන්දනා සමය ආරම්භ කළ බවයි.

කෙසේවෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉතා සීමිත පිරිසක් පමණක් උඩමලුවේ චාරිත්‍ර සඳහා සහභාගී කරවාගනු ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා බැතිමතුන්ට දැනුම් දෙන්නේ හැකිතාක් ජනවාරි මාසයේදී සිරිපා වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙසයි.

සිරිපා වන්දනා වාරය සඳහා බැතිමතුන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුකූලව සීමිත පහසුකම් යටතේ ඉඩ සලසා ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

gossiplankanews

Related posts

මෙරට මන්කිපොක්ස් ආසාදිතයින් සොයා පරීක්‍ෂණ අරඹයි..

Maimoonar

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමත් සමඟ විමල් වීරවංශ ඇතුළු පිරිසගේ සත්‍යග්‍රහය අවසන් වෙයි

Maimoonar

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයි

Maimoonar

1 comment

Comments are closed.