26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

පාම් තෙල් මාෆියාව ගේමකට සැරසේ; පිරිපහදු නොකළ විෂ පාම් තෙල් නැව් දෙකක් මග එයි

සිංගප්පූරු සමාගමක් සමඟ අනුබද්ධ ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් පාම් තෙල් ආනයනය කරන සමාගමක් විසින් පිරිපහදු නොකළ පාම් තෙල් නැව් දෙකක් හෙවත් දළ වශයෙන් මෙ.ටො 25000ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා ඇනවුම්කොට ඇති බව වාර්තාවේ.

එම නැව් ශ්‍රී ලංකාවට ළඟාවීමට පෙර දෙසැම්බර් මස අග භාගයේදී දැනට තිබෙන තොග සඟවා වෙළඳ පොලේ තෙල් හිඟයක් ඇතිකොට ආනයන බදු අඩුකර ගැනීමේ සැළසුමක මෙම සමාගම ක්‍රියාත්මක වන බව එම සමාගමේ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසා සිටී.මෙම පිරිපහදු නොකළ පාම් තෙල් මැලේසියාවෙන් මිළදී ගෙන ඇත්තේ මෙ ටො 1ක් ඩොලර් 500ක් වැනි ඉතා අඩු මුදලකට වන බවද වාර්තා වේ.

ඒ අනුව බැලූ කළ ආනයනික තෙල් අඩු මිළට වෙළෙඳ පොලට ඉදිරිපත් කර දේශීය පොල් තෙල් කර්මාන්තය බිඳ වැට්ටවීමෙන් පසුව නැවත මිළ වැඩිකිරීම එම සමාගමේ අරමුණ වී ඇති බව පැවසේ.

ඒ අතර විෂ සහිත පිරිපහදු නොකළ පාම් තෙල් ශ්‍රී ලංකාවේදී නිසි පරිදි පිරිපහදු නොකරන බැවින් එවැනි ෆාම් තෙල් ආනයනය තහනම් කළ යුතු බවට යෝජනා කරමින් අමාත්‍යය විමල් වීරවංශ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇති බවද වාර්තා වේ.

lankaleadnews

Related posts

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Maimoonar

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

Maimoonar

කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු

Maimoonar

7 comments

Comments are closed.