NewsPolitical

ලක්‍ෂ දෙකක් මාසෙට මදි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ දීමනා තව වැඩි කරන්න..- කොරෝනා අස්සේ කිරිඇල්ල ඉල්ලයි..

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන දීමනා තවදුරටත් සංශෝධනය කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

කිරිඇල්ල මහතා පෙන්වා දී ඇත්තේ අධිකරණයේ වැටුප් ප්‍රතිශෝධවලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනාද ප්‍රතිශෝධනය කළ යුතු බවයි.

මෙම ඉල්ලීම කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී වන අතර ඉල්ලීම පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහා දැනට මාසිකව නිවාස, දුරකථන, ප්‍රවාහන, කාර්යාල සහ පැමිණීමේ දීමනා ලෙස රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් හිමිවේ.

Related posts

ස්පාඤ්ඤයේ මහ මැතිවරණයේ ජය සමාජවාදී කම්කරු පක්ෂයට

Maimoonar

ගුවන් හමුදා යානයක් මාදුරු ඔයට කඩා වැටේ… 09ක් බේරේ.. දෙදෙනෙක් අතුරුදන්..

Maimoonar

ඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

Maimoonar

65 comments

Comments are closed.