News Political

දැන් තියෙන්නේ ගංගාවලට කල අතහරින එක නෙවෙයි ගිහින් ඉල්ලා අස්වෙන්න – හරීන්

 ”මේ ආණ්ඩුව ෆේල්, මේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ෆේල් ලංකාවේ මිනිස්සු ඉල්ලන්නට ඕනේ සෞඛ්‍ය ඇමති කල ගංගාවලට මුදාහරිනවා වෙනුවට සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉල්ලා අස්වෙන්න ඕනේ.” යනුවෙන් අද (02) සමඟි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය. 

 මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ද ඇත්තේ කණගාටුවක් දුකක් බව හෙතෙම සඳහන් කළේය. 

ජනාධිපතිවරයා ඊයේ කියනවා මේක මිනිස්සුන්ගේ වරදින් වුණ දෙයක් කියල. මෙන්න අපි හිතාගෙන හිටපු සිංහයාගේ ඇත්ත තත්ත්වය. මම දැක්ක සමාජ මාධ්‍ය ජලාවල මාර ලස්සන කොමෙන්ට් එකක්  තියෙනවා. (මම 69 ලක්ෂෙ කෙනෙක්. මම ආඩම්බරයි ගෝඨාභය රාජපක්ෂට ජන්දය දුන්න එකට මොකද එහෙම නොදෙන්නට ගෝඨාභය රාජපක්ෂ ෆේල් චරිතයක් කියල මට පෙනෙන්ට හැකියාවක්  නැහැ. තවත් හොඳ ප්‍රවීණ මාධ්‍යවේදියෙකුගේ පිටුවක තිබුණා සර් කියන්නේ ස ප්‍රසංගයක් පමණයි කියලා.) මේක දැන් ප්‍රසංග වේදිකාවක් පමණයි කියන එක අද ලංකාවේ වියතුන්ගේ හැසිරීමෙන්,ආණ්ඩුවේ හැසිරීමෙන්, දේශපාලඥයින්ගේ හැසිරීමෙන් පැහැදිලිව ඔප්පුවෙලා තිබෙනවා.යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් පැහැදිලි කරන ලදී. 

මේ වන විට රටේ ජනතාවට ඇත්ත දැන ගැනීමට ක්‍රමවේදයක් නොමැති අතර එළෙඹෙන බදාදා දිනය වන විට ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන බවත් මිනිසුන්ට සිදුව ඇති අසාධාරණකම් කියන්න දුරකථන අංකයක් හඳුන්වා දෙන්නටත් බලාපොරොත්තු වන බව ඔහු කියාසිටියේය. 

ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත සමාජ ගත කිරීම බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. 

”මේ වෙද්දී කොරෝන මරණ  21 න් එහාට ගිහින්  ඇති කියල අපි හිතනවා. සමහර බලවතුන් සල්ලි තියෙන අය තමන්ගේ ආයතනයේ වැරැද්ද   වහගන්නවා.  මේක 20 න් එහා  ගිය මර්දනය පටන් අරන් තියෙන තත්ත්වයක්. පොම්පියෝ මහත්තයා  ආපු හෝටලයේ දෙන්නෙකුටත් කොරෝනා හැදිලා තිබුණා. කවුරුත්  දන්නේ නැහැ.”

අපට අවශ්‍ය වන්නේ දේශපාලන පක්ෂ හැටියට නොව රටක් හැටියට එකතු වී මෙය මර්දනය කිරීමට බව පැවසූ හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය වන්නේ  මිනිස්සුන්ට වරද පටවන ආණ්ඩුවක් නොව රටට වගකියන ආණ්ඩුවක් බවයි. 

lankanewsweb

Related posts

පාසල් දරුවන් 100කගේ PCR වාර්තා අද

Shiran Viraj

තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්..එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා- රාජිත

Shiran Viraj

පොලිස් අපරාධ කොට්ඨාසය පොලිසියෙන් වටලයි…

Shiran Viraj

Leave a Comment