28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ආරම්භයක් නැති කොරෝනා පොකුරු තැන තැන.. ශ‍්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස.. දැන් කල යුතු දේ GMOA කියයි..

අද වන විට දිස්ත‍්‍රික්ක 21කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් ඇති බවත් උප පොකුරු ගණනාවක් බිහිවී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඇතැම් පොකුරු ආරම්භ වූයේ කෙසේදැයි සම්බන්ධතාවයක් සොයාගත නොහැකි තත්වයකට පැමිණ තිබෙන බවයි.

ඒ අනුව සමාජය තුළින් අහඹු ලෙස ආසාදිතයන් හමුවෙමින් ඇති බවත් එය බරපතළ තත්ත්වයක් බව ඒ මහතා පෙන්වා දෙයි.

අද වෙන විට මෙරට කොරෝනා ව්‍යාප්තිය සමාජ ව්‍යාප්තියක් අභියස තිබෙන බවද ඔහු කියා සිටියේය.

එනිසා මේ මොහොතේ සිදු කල යුත්තේ රට වැසීම නොව ප්‍රදේශ සම්බන්ධයෙන් නිවැරදි තීන්දු ගැනීම බවද ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කලාට පළිබෝධනාශක රෙජිස්ටාර් ධුරයෙන් නෙරපයි.. රජයේ ප්‍රතිපත්තියට විරුද්දයිලු..

Maimoonar

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ගැටුම අද රාත්‍රීයේදී

Maimoonar

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ කොත්මලේ වැවන්ඩන් වතුයායේ පවුල් 25ක් මාස දෙකක් තිස්සේ කූඩාරම්වල දුෂ්කර ජීවිතයක් ගෙවයි

Maimoonar

21 comments

Comments are closed.