29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

නැවු තටාකාංගනයේ කොරෝනා ආසාදිතයෙන් නිසා නාවලපිටියේ පවුලම නිරෝධායනයට..

කොළඹ වරාය තටාංගනයේ සේවය කල කම්කරුවෙකුගේ පවුලේ සමාජිකයන් සහ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමය නාවලපිටිය නව තිස්පනේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කලහ.

එම සේවකයා කොළඹ වරායේදි පි.සි.ආර් පරික්ෂනයකට සහභාගි වි (20) දින පැලියගොඩ සිට සිට බස් රථයකින් පේරාදෙණියට පැමිණ පසුව ගම්පොල දක්වා තවත් බස් රථයකින් පැමිණි  ගම්පොල සිට කොත්මලේ කඩදොර දක්වා ලංගම බස් රථයක පැමිණ (20) දින පස්වරුවේ නාවලපිටිය හරංගල ඉලුක්වත්තේ තම නිවසට පැමිණ ඇත.

එම සේවකයාගේ පි.සි.ආර් වාර්තාව අනුව ඔහුට කොවිඩ් 19 වෛරසය අසාධනය වි ඇති බවට තහවුරු විමෙන් අනතුරුව (20) දින රාත්‍රියේම ආරක්ෂක අංශ නිලධාරින් විසින් එම සේවකයාගේ නිවසට පැමිණ රෝගියාව හොරණ පිහිටි නිරොධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

නව තිස්පනේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැමිණි එම රෝගියාගේ පවුලේ සමාජිකයන් දෙදෙනෙක් සහ ඔහු නිවසට පැමිණෙන තෙක් ඔහු රැදි  සිටි ස්ථානවල ආශ්‍රිතයන් 20 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කලහ.

කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති එම රෝගියා පැමිණි ලංගම සහ පෞද්ගලික බස් රථ මේ වන විට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් හදුනාගෙන ඇති අතර , එම බස් රථයේ ගමන් ගත් ආශ්‍රිතයන්ද සොයා මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විමර්ෂණයක් ආරම්භ කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ‍්‍රී ලංකාව කොරෝනා ‘ඉතා ඉහල 4 වන’ මට්ටමේ.. සංචාරය නොකරන්නැයි ඇමරිකාව නිවේදනය කරයි…

Maimoonar

තුන්වේල අතහැර දෙවේලක් කාලා කැපකිරිම් කරන්න..

Maimoonar

පොලිස් නිලධාරියෙක් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකම් කරයි…

Maimoonar

3 comments

Comments are closed.