January 29, 2026
Local NewsNews

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

කලුතර සිට අලුත්ගම තෙක් පොදු මගී ප්‍රවාහන බස් රථයක ගමන් කරමින් සිටි රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු නිළධාරිනියකගේ සිරුර ස්පර්ශ කිරීමේ ලිංගික හිංසනයකට සම්බන්ධ සැකකාර තරුණයකු අලුත්ගම පොලීසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අද (30) කලුතර අධිකරණයට ඉදිරිපත් කල බව කියයි.

එම සිදුවීම සම්බන්ධයෙන් නිළධාරිනිය අලුත්ගම පොලීසියට කළ පැමිණිල්ල අනුව ඊයේ (29) සවස අලුත්ගම බස් නැවතුමේදී සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන කලුතර අධිකරණයට අද ඉදිරිපත් කර තිබේ.

සැකකාර තරුණයා කිතුල්ගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පානදුර සංචාරක හෝටලයක සේවය කරන 24 වියේ පසු වන්නෙකු බවත් 49 හැවිරිදි නිළධාරිනිය විවාහක දෙදරු මවක බවත් පොලීසිය සදහන් කරයි.

මෙම නිලධාරිනිය ඊයේ (29) දිනයේදී රැකියා ස්ථානයෙන් රාජකාරිය නිමවා කොළඹ සිට පැමිණෙන බස් රථයකින් අලුත්ගම තෙක් ගමන් කරමින් සිටියදී පසු පස අසුනේ සිට මෙම සැකකාර තරුණයා එම නිළධාරිනියගේ ශරීරය අවස්ථා කිහිපයකදී විටින් විට ස්පර්ශ කර ඇති අතර පසුව ඇය බසයේ අසුනින් නැගිට සෙසු මගීන්ට හා කොන්දොස්තරවරයාට මේ පිලිබදව හඩනගා පවසා තිබෙන බව පොලීසියට කල පැමිණිල්ලේ සදහන් වේ. ‘

එම අවස්ථාවේ අලුත්ගම බස් නැවතුමේ රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රූ රැජිනලා මරා ගැනිල්ල ගැන ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්.. කැරොලයින්ගෙන් නිදහසට කරුණු විමසයි…

Maimoonar

IMF ගිවිසුම වෙනස් කලොත් මාස දෙකෙන් රට වැටෙනවා..- ප‍්‍රියංග දුනුසිංහ

Maimoonar

චම්පිකගේ රාජගිරිය අනතුර නඩුවේ සාක්‍ෂිකරුවෙන් පොහොට්ටු කාර්යාලයෙන් පුරුදු කල බව පිලිගත්තා.

Maimoonar

2 comments

Comments are closed.