News Political

ජනපතිගෙන් නව ජාතික අධ්‍යාපන සැලැස්මක්

පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක‍්‍රියාදාමයම ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කර ක‍්‍රියාත්මක කිරීම රජයේ ප‍්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිසයි. ජනාධිපතිවරයා පවසා ඇත්තේ පූර්ව ළමා විය සංවර්ධනය සහ ප‍්‍රාථමික අධ්‍යාපනය දරුවාගේ ජීවිතයේ වැදගත්ම අවධිය ලෙස සලකා විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම අදහස් පළ කළා.

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ මෙතෙක් නිසි අවධානයක් හෝ නියාමනයක් හෝ නොතිබූ බවයි ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ.

එබැවින් ළමා අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන්ගේ සහය ගෙන විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

Channel4 මාරුවී චාමර සම්පත් Channel Eyeට දිගට හරහට බැනවදී…

Shiran Viraj

රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…

Shiran Viraj

මුරුත්තෙට්ටු හිමිගේ ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් එසැණ විසඳුම්…

Shiran Viraj

Leave a Comment