Local NewsNews

මංතීරු නීතිය ගාල්ලටත්

කොළඹ නගරයට සමගාමීව ගාල්ල නගරයේද මංතීරු නීතිය පිළිබද  රියදුරන් දැනුවත් කිරිමට ගාල්ල රථවාහන පොලිසිය කටයුතු කර තිබෙනවා. ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගාල්ල බස් නැවැතුම්පොළේ සිට මහමෝදර රෝහල දක්වා වු කොටසේ මංතීරු නීිතිය පිළිබද මෙහිදී රියදුරන් දැනුවත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අද උදෑසන 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට රාතී‍්‍ර 7.00 දක්වා කාලය තුල මෙම මාර්ගයේ ගමන් කරන රථවාහන රියදුරන්ට මංතීරු නීතිය පිළිබද සතියක කාලයක් දැනුවත් කිරිමටයි ගාල්ල රථවාහන පොලිසිය තීරණය කර ඇත්තේ. යතුරුපැදි, තී‍්‍රරෝද රථ, බස් රථ, ලොරි රථ, මාර්ගයේ වම්පසින් ගමන් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පොහොට්ටුවේ සියළු ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම්…

Maimoonar

ෆවුසිට වසර දෙකක සිර දඬුවම් නියම කරයි..

Maimoonar

සුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..

Maimoonar

1,038 comments

Comments are closed.