30 C
Colombo
June 2, 2025
International News News

ඇමරිකාවත් ටික් ටොක් තහනම් කිරීමට යයි

චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට අමෙරිකාව සූදානම් වනවා.

විදෙස් වාර්තා පැවසුවේ හෙට සිට මෙම තහනම පැනවෙනු ඇති බවයි. ඒ අනුව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පූර්ණ එකගත්වය මත අමෙරිකාව තුළ ටික් ටොක් සහ වී චැට් භාවිතය තහනම් වනු ඇති. එම තහනමත් සමග අමෙරිකානුවන් හට ටික් ටොක් හා වී චැට් යෙදුම් බාගත කිරීමට හෙවත් ඩවුන්ලෝ්ඞ් කිරීම නොහැකි වන අතර ඒවා හරහා පණිවිඩ යැවීම සහ වීඩියෝ බෙදාගැනීමට ද නොහැකි වනවා.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ ටික් ටොක් සහ වී චැට්,  ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. එසේම ඒවා හරහා චීනය වෙතට තොරතුරු ගලා යෑමක් සිදුවන බව ද අමෙරිකාවේ මතයයි. කෙසේවෙතත් මෙම සියලූ චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මෙම තහනමත් සමග අමෙරිකානුවන් හට ඉදිරි පැය 48 ක කාලය තුළ සිටම වී චැට් භාවිතය අහිමි වනු ඇති. එහෙත් එළඹෙන නොවැම්බර් 12 වනදා තෙක් ටික් ටොක් භාවිත කිරීමට අමෙරිකානුවන් හට හැකි වනු ඇති බවයි පැවසෙන්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද සිට අත්හදා බලයි

Shiran Viraj

හූල්ට එරෙහිව විශ්වාසභංගයක්

Shiran Viraj

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ. උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකා…

Shiran Viraj