32 C
Colombo
February 19, 2026
Local NewsNews

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී

කල්පිටිය බත්තලංගුණ්ඩුව පරාමුණේ දුපතේ ධීවර වාඩියක සිට ප‍්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ, කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. එහිදී කේරළ ගංජා කිලෝ 31යි ග‍්‍රෑම් 500 කට ආසන්න තොගයක් සොයාගෙන තිබෙනවා.

සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඉන්දියාවේ සිට බෝට්ටුවක් මගින් මෙම කේරළ ගංජා තොගය රැගෙනවිත් තිබුණා. කෙසේවෙතත් මෙම ගංජා තොගය කවුරුන් විසින් මෙම ස්ථානයට රැගෙනවිත් සගවා තිබුණේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. එම ගංජා තොගය නාවික හමුදා නිලධාරින් විසින් කල්පිටිය පොලිසියට භාර දී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

Maimoonar

රට පුරා එලවළු බෙදා හැරීම නවතයි.. හෙට හර්තාල්..

Maimoonar

ඩීසල් 113කින් පෙට‍්‍රල් 90කින් වාර්තාගත මිල වැඩිකිරීමක්.. ඉන්ධන සීමා ඉවතට..

Maimoonar