28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

වනාතවිල්ලුව වන විනාශයේ වගකීම භූමිය බදු ගත් සමාගම භාරගනී

වනාතවිල්ලුව එළුවන්කුලම වන විනාශයේ වගකීම එම භූමිය බදු ගෙන ඇති පෞද්ගලික සිමෙන්ති සමාගම භාර ගත් බව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පවසයි.

එම භූමියේ අද (14) නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා පැවසුවේ මසක් තුළ වනවැස්ම යළි සැකසීම ආරම්භ නොකළහොත්, වගකිවයුත්තන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවය.

වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ අක්කර 100 කට අධික වනාන්තර භූමි ප්‍රමාණයක් විනාශ කර තිබූ අයුරු “අද දෙරණ“ පසුගියදා වාර්තා කළේය.

1957 අංක 49 දරණ රාජ්‍ය කර්මාන්ත ආඥා පනතට අනුව මෙම භුමියේ අක්කර පන්දහසක පමණ ප්‍රමාණයක් ගැසට් පත්‍රයක් මගින් සිමෙන්ති කර්මාන්ත ශාලාවකට බදු දී ඇති පසුබිමක මෙම වන සංහාරය සිදුව තිබුණි.

වන වැස්මට හානි නොවන අයුරින් ක්‍රියා කළ යුතුව තිබුණද, එම සිමෙන්ති සමාගම ඒ පිළිබඳ අවධානය යොමු කර නොමැති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සිදුවූ වන සංහාරය පිළිබඳ සොයා බැලීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා අද එම භූමියට පැමිණ තිබුණි.

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ද ඊට එක්වුණි.

ඉන් පසුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ දී පැවැත්වුණි.

නමුත් එය වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර හිමිවූයේ නැත.

සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් පළ කළ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථා සභාපතිවරයා කියා සිටියේ වන විනාශයේ වගකීම භූමිය බදු ගෙන ඇති සිමෙන්ති සමාගම භාරගත් බවය.

lanka lead news

Related posts

සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුට

Maimoonar

ගෑස් මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..

Maimoonar

ප‍්‍රසිද්ද දූවරුන්ගේ තවත් වීඩියෝවක් එලියට.. කීර්තියට හානියක් කියා සුජීවා පොලිසි යයි.. තරහට කරන ඒවාලු..

Maimoonar