February 26, 2026
Local NewsNews

ගව ඝාතන තහනමෙන් පසු ගවයන් රැකගන්න විශේෂ වැඩපිළිවෙලක්

ගව ඝාතනය තහනම් කිරීම හරහා මතුවන වෙනත් ගැටළු සඳහා ගත හැකි කඩිනම් විසඳුම් සොයා බලමින් සිටින බව පශු සම්පත්, ගොවිපල ප‍්‍රවර්ධන හා කිරි සහ බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඞී බී හේරත් පවසනවා. ඔහු කියා සිටියේ ගව ඝාතනය සිදු නොවන ඉන්දියාව වැනි රටවල ගවයින් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක‍්‍රියා මාර්ග මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවයි.

මේ අතර මෙම යොජනාව සම්බන්ධයෙන් ඉකුත්දා ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදීද අදහස් පළ වුණා. ඊට එක්වෙමින් කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය ද ප‍්‍රකාශ කළේ යම් හෙයකින් ගව ඝාතනය තහනම් කරමින් නීති පැනවුවහොත් ඉන් පසු ඇති වන තත්ත්වයන්ට මුහුණ දීමට ද විකල්ප වැඩපිලිවෙලක් සකස් කල යුතු බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඞී බී හේරත්ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ කිරි ගොවීන්ට බරක් වන කිසි`දු තීරණයක් නොගන්නා බවයි.

නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බලන නෙත් නිවුස් විශේෂාංග මාලාව සමඟ එක් වෙමින් පශු සම්පත්, ගොවිපල ප‍්‍රවර්ධන හා කිරි සහ බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඞී බී හේරත් මෙම අදහස් පළ කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු වේ

Maimoonar

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 50ක් – ජනාධිපති දිසානායක

Maimoonar

නව ව්‍යවස්ථාව වසරකින් ගේනවා – අධිකරණ ඇමති අවුරුදු දෙකේ කාල රාමුව වෙනස් කරයි

Maimoonar

1 comment

Comments are closed.