27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

ගිනි ගන්නා නෞකාවේ ඉන්ධන කාන්දුවක් නැහැ : නැව ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට

නැගෙනහිර මුහුදු වෙරළ කලාපයේදී හදිසි ගින්නක් හටගත් ඉන්ධන රැගත් MV New Diamond නෞකාව මේ වන විට ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට පැමිණ ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙම නෞකාව ක්‍රමක් ක්‍රමයෙන් මුහුදේ ඇති දියවැල් හේතුවෙන් දකුණු මුහුදු කලාපය දෙසට ඇදෙමින් පවතින පවතින බවත් මෙම නෞකාවෙන් මේ වන විට කිසිදු ඉන්ධන කාන්දුවීමක් සිදුවී නොමැති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර මෙම නෞකාවේ ඇතිවී තිබෙන ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මගින් නෞකාවට ජලය ලීටර් ලක්ෂයක් හෙලා ඇති බවත් ගුවන් මෙහෙයුම් දිගින් දිගටම සිදුකරමින් පවතින බව සඳහන් කර සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

හෙරොයින් ජාවාරම්කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Maimoonar

රෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…

Maimoonar

කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..

Maimoonar

6 comments

Comments are closed.