32.2 C
Colombo
October 1, 2026
NewsPolitical

සම්පන්දන් අමෙරිකාවෙන් ආරක්ෂාව ඉල්ලයි

රජය ක්‍රියාත්මක කිරීමට යන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවට බරපතළ අගතියක් සිදුවන බැවින් අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බලවත් රටවල් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සැලසිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටිප්ලිස් මහත්මියට දැනුම් දී තිබේ.

සම්පන්දන් මහතා මෙම දැනුම්දීම කළේ පසුගියදා ඔහුගේ ත්‍රිකුණාමලය පෞද්ගලික නිවසේදී අමෙරිකානු තානාපතිනිය මුණගැසුණු අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ සම්පන්දන් මහතා මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පළාත් සභා බලගැන්වූ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන බවට සැකයක් මතු වී ඇතැයිද යනුවෙන් සඳහන් කර ඇත.

ඊට අමතරව දෙමළ සන්ධාන නායකයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මහ මැතිවරණය සාධාරණව පැවැත්වූ බවට තමන් නොසිතන බවයි. විවිධ පොරොන්දු හා වරප්‍රසාද මගින් වත්මන් රජය ජනතා බලය අත්පත් කර ගත් බවද ඔහු අමෙරිකානු තානාපතිනියට සඳහන් කළේය.

lanka lead news

Related posts

ගුරුන් ගස් බැදි පතාක යෝධයා සජිත් සමග එක්වේ.. ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේ

Maimoonar

හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]

Maimoonar

ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක්

Maimoonar