Local NewsNews

රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ..- ඥාණසාර හිමි

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ වැඩිහිටි කමට තමන් ගරු කළ උන්වහන්සේගේ කපටි කමට ගරු කරන්නේ නැති බව උන් වහන්සේට පවසන්නේ යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

මෙවර පාර්ලිමේන්තුවට යාම සඳහා ජනතා ව්‍යාපාරය භාවිතා කරන්න ඉඩ නොතබන බවද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධව ඇතිව තිබෙන ප‍්‍රශ්ණය පක්‍ෂ ලේකම්වරයා සොයාගෙන විසඳීමට රතන හිමියන් කටයුතු කළ යුතු බව ද උන් වහන්සේ පවසති.

තමන්ට පාර්ලිමේන්තු යාම සඳහා මෙම ව්‍යාපාරය භාවිතා කරන්න එපා යැයි තමන් ඉල්ලා සිටින්නේ ද උන්වහන්සේ පැවසූ ඥාණසාර හිමියෝ තමනට මන්ත්‍රීධුර ඇතත් නැතත් ප‍්‍රශ්නයක් නැතිබවත් මන්ත්‍රීධුර තිබිලා නැති වෙච්චි අයට වැඩි වශයෙන් දුක දැනට බවත් පැවැසූහ.

මන්ත‍්‍රීකම ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න අධිකරණ වලට යන්නේ නැතැයිද මන්ත‍්‍රීකම් ඇතත් නැතත් සිංහල බෞද්ධයන් වෙනුවෙන් ආරම්භ කර තිබෙන සටන ඉදිරියට ගෙන යාමට කැප වන්නේ යයිද උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

කොළඹ දී පැවැති සමුළුවක් අමතමින් ඥානසාර හිමියෝ මේ බව කියා සිටියහ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පාලන මිල ගිලිහී, සහල් මිල දිනෙන් දින ඉහල නගී

Maimoonar

ආමර් විදිය ජලයෙන් යටවෙයි

Maimoonar

පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..

Maimoonar

72 comments

Comments are closed.