32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

නුවරඑලියට දැඩි සුලගක්.. ගස් කඩා වැටී නිවාස කිහිපයකට හානි.. පිරිසක් රෝහලේ..

නුවරඑලිය හරහා හමා ගිය දැඩි සුලගකින් විශාල ෆයිනස් ගසක් කඩා වැටිමෙන් නිවාස තුනකට දැඩි අලාභ හානි සිදු වි එම නිවාස වල පදිංචි කුඩා ළමුන් දෙදෙනෙක් ඇතුළු කාන්තාවක් නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

නුවරඑලිය කිකිලියාමාන ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක් අසල පිහිටි නිවාස පේලියක් මත ෆයිනස් ගස කඩා වැටි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ෆයිනස් ගස කඩා වැටිම නිසා නිවාස තුනක දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, එම නිවාස වල පදිංචි පවුල් තුනකට අයත් සමාජිකයන් 17 දෙනෙකු තාවකාලිකව ඔහුන්ගේ ඥාති නිවාස වල නතර කර ඇති බවයි නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකය කියා සිටියේ.

ෆයිනස් වගා රක්ෂිතය ආසන්නයේ පිහිටි ගස් කිහිපයක් නිවාස මතට කඩා වැටිමේ අවධානමක් පැවති බවත් , එම ගස් කපා ඉවත් කරන ලෙසට බලධාරින් දැනුවත් කලද එයට මෙතෙක් විසදුමක් ලබා නොදිම නිසා එසේ කඩා වැටිමේ අවධානමට ලක් වි ඇති ෆයිනස්  ගස් අතරින් එක් ගසක් මෙසේ කඩා වැටුණු බවයි එම නිවාස වල පදිංචිකරුවන් කියා සිටියේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනාධිපති පත් කරන්නත්, ආණ්ඩුවක් පිහිටුවන්නන් අභයාරාම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය වුනා..- අගමැති

Maimoonar

රජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..

Maimoonar

ජනාධිපතිවරණය කැදවන දිනය මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත්කෙරේ..

Maimoonar

4 comments

Comments are closed.