29.5 C
Colombo
February 12, 2026
BusinessBusiness NewsNews

මට ලැබුණූ මුදල් ඇමතිකම අරක්කු නැති තැබෑරුමක් වගෙයි – රවී කරුණානායක

පසුගිය රජය සමයේ දී තමන් විසින් දරන ලද මුදල් අමාත්‍ය ධූරය, අරක්කු නොමැති තැබෑරුමක් වැනි දෙයක් බවත්, මහ බැංකුව හෝ වාණිජ බැංකුව සම්බන්ධයෙන් වගකීමක් තමන්ට නොවූ බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද දෙරණ ප්‍රවෘත්ති විකාශයේ ‘මොකද වුණේ?‘ විශේෂාංගය සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. ප්‍රශ්නගත බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් විමසීමේ දී හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මුදල් ඇමති වුණාට මම ද වාණිජ බැංකුවල හිටියේ, කබීර් හෂීම් ද? එතකොට මහ බැංකුවේ නියෝජ්‍ය ඇමති වශයෙන් හිටියේ කවුද, හර්ෂ. ඉතිං මේ වගේ කට්ටිය, විලි ලැජ්ජාවක් නැතුව අනිත් අයට ඇඟිල්ල දික් කරන්නේ, මොකද ඒ ගෝල්ලේ දන්නවා, ඒ ගොල්ලන්ට තියෙන ප්‍රශ්නය එතන තියෙන්නේ කියලා.“

“නමුත් මම අහන්නේ මම වාණිජ බැංකුවලට අයිති නැත්නම්, කබීර් හෂීම් නං ඇයි ගේන්නේ නැත්තේ. සල්ලි ගත්තයි කියලා කිව්වා. කවුද ඒ මන්ත්‍රීවරු ඔක්කොම ඉන්නේ එතන. ඉතිං මොකක්ද මගෙන් අහන්නේ?“

“මට වුණේ, මුදල් ඇමතිකම තිබ්බේ, නිකං අරක්කු නැති තැබෑරුමක් තිබ්බා වගේ.“
(under the courtesy of adaderana.lk news web)

Related posts

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ. උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකා…

Maimoonar

“අනතුර කළ රියදුරු අපට සම්බන්ධ නෑ” – දෙරණ

Maimoonar

යෝෂිතගේ හෝටලයට ගිනි තබයි

Maimoonar

650 comments

Comments are closed.