29.5 C
Colombo
February 12, 2026
International NewsNews

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 55,000ට ආසන්නයි

බ්‍රිතාන්‍යයේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 55,000 සීමාවට ආසන්න වී ඇති බව වාර්තා වේ.

මේ වන විට එරටින් කොවිඩ් මරණ 54,852 ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතාන්‍යයෙන් දෛනිකව වාර්තාවන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ද දෛනිකව ඉහළ යමින් පවතී.

මේ අතර එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පාලනයට පනවා ඇති සීමාවන්ගේ ලිහිල් කිරීමක් සිදුවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට බ්‍රිතානයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 311,965 කි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජල විදුලි බලාගාර සියල්ල නවතී..

Maimoonar

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගනී

Maimoonar

කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්

Maimoonar