Local NewsNews

වැලිසර කදවුරේ කොරෝනා පාලනය අමාරුයි.. එහි තත්වය ඇමරිකාව, එංගලන්තය වගේ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

වැලිසර නාවික හමුදා කඳවුරේ ඉදිරියේදීද සැලකිය යුතු කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවේ හැකි යැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ වැලිසර කදවුර තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට තවමත් සෞඛ්‍ය අංශ අසමත් වී ඇති බවයි.

එම කදවුර වෙනම රටක් ලෙස සැලකුවොත් එහි තත්ත්වය ඇමරිකාවේ හෝ එංගලන්තයේ දක්නට ලැබෙන තත්ත්වයට සමාන යැයිද ඔහු පැවසීය.

කඳවුරේ පවතින ස්වභාවය මත එහි වෛරසය පාලනය කිරීම අසීරු බවද ඔහු සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට මෙරටින් ආසාධිතයන් හමුවෙන්නේ වැලිසර නාවික හමුදා කඳවුරට අමතරව විදේශ රටවලින් පැමිණෙන පිරිස් පමණක් යැයිද ඔහු පැවසීය.

රට තුළ වෛරසය පාලනය කිරීමට හැකි වී ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අද රට මිලිටරිකරණය කරලා.. හමුදාව රථවාහන හසුරුවන්නේ ඒ නිසා.. හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න..

Maimoonar

මෙවර IPL තරගාවලියේ වැඩි ලකුණු කොල්කටා නයිට් රයිඩර්ස් ලබා ගනී

Maimoonar

එංගලන්ත-ද.අප්‍රිකා පළමු විස්සයි 20 එක් ලකුණක තියුණු ජයකින් නිම වෙයි

Maimoonar

36 comments

Comments are closed.