32 C
Colombo
February 19, 2026
International NewsNews

කොරෝනා අවදානම මැද පිලිපීනයට 03වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක්

පිලිපීනයට බලපා ඇති වොන්ෆොන්ග් සුළි කුණාටුව හේතුවෙන් දස දහස් ගණනක් පුද්ගලයින් ඔවුන්ගේ වාසස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට පිලිපීන රජය පියවර ගෙන තිබෙනවා. එරට රජය මෙම පියවර ගෙන ඇත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් පිලිපීනයේ ප‍්‍රදේශ රැසකට ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන පසුබිමකයි.

පැයට සැතපුම් 115 ක වේගයෙන් හමායන මෙම සුළි කුණාටුව තුන්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙසයි සැලකෙන්නේ. මින් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ පිලිපීනයේ නැගෙනහිර සමාර් ප‍්‍රදේශයේ වෙරළාශ‍්‍රිතව ජීවත් වන ලක්ෂ 02 ක පමණ ජනතාවටයි.

එම ප‍්‍රදේශවල වෙසෙන පුද්ගලයින් මේ වනවිට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමු කරමින් තිබෙනවා.

කෙසේ වෙතත්, කොරෝනා අවදානමත් සමග පනවා ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් සහ නිරෝධායන නීතිරීති අනුව තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වෙත ජනතාව යොමු කර ඇත්තේ, එම මධ්‍යස්ථාන තුළ රැඳවිය හැකි ප‍්‍රමාණයෙන් හරි අඩක් පමණයි.

ඔවුන් සියලූදෙනාට මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය කර තිබෙනවා.

පිලිපීනයේ මිලියන 50 කට අධික ජනතාවක් මේ වනවිට නිරෝධායන උපදෙස් අනුගමනය කරමින් නිවෙස්වලට වී සිටින පසුබිමක බලපෑ මෙම සුළි කුණාටු තත්ත්වයත් සමග, එරට තුළ කොරෝනා වෛරසය තවදුරටත් පැතිර යාමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටින්නේ. මේ වනවිට පිලිපීනයෙන් කොරෝනා ආසාදිතයින් 11,876 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 790 ක්.

මේ අතර ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 03 ඉක්මවා තිබෙනවා. ඒ අනුව ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ 3,071 ක් ලෙසයි නවතම වාර්තාවල දැක්වෙන්නේ. ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද හතළිස් පන්ලක්ෂ 21,260 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්‍ෂ දෙකක් වැඩි කරයි…

Maimoonar

කෙහෙලියට එරෙහි විශ්වාස භංගයක්…

Maimoonar

පසුගිය සමයේ පුද්ගලික සමාගමක් එංගලන්තයෙන් ගෙන්වූ කුණු තොගය යළිත් එංගලන්තයටම යවයි

Maimoonar