Local News News

කාලය ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අද සිට සහන කාලයක්

කල් ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවිම සඳහා අතිරේක සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(11) සිට මැයි 29 වනදා දක්වා එම අතිරේක සහන කාලය ප්‍රකාශයට පත්කර  ඇති බවයි.

ඇඳිරි නිතිය අඛන්ඩව ක්‍රියාත්මක වු බස්නාහිර පළාත , පුත්තලම දිස්ත්‍රික්කය හා නිරෝධායන කාර්යය වෙනුවෙන් වසා දමනු ලැබු ප්‍රදේශවල ජනතාවට දඩ පත්‍රිකා ගෙවිමට අවස්ථාව හිමි නොවිම හේතුවෙන් මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව අද සිට දිවයිනේ සියලු තැපැල් කාර්යාල සමාන්‍ය රජකාරි කටයුතු සඳහා විවෘතව ඇති බැවින් ගෙවිම් කටයුතු බාධාවකින් තොරව සිදුකළ හැකිවෙයි.

සහන කාලය කුල පසුගිය මාර්තු මස 01 වන දින හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා සදහා අතිරේක දඩ මුදල් රහිතව ගෙවිම් සිදුකළ හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පෙබරවාරි මස 16 වන දින සිට  පෙබරවාරි මස 29 වන දින දක්වා නිකුත් කර ඇති දඩ පත්‍රිකා සම්මත දඩ ගාස්තුව සහිතව ගෙවිම් කළ යුතු වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්.. මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..

Shiran Viraj

ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයි

Shiran Viraj

ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..

Shiran Viraj

1 comment

working jazz background October 12, 2023 at 9:38 pm

working jazz background

Reply

Leave a Comment