28.5 C
Colombo
August 11, 2026
Local NewsNews

දිනක පී.සී.ආර්. පරීක්ෂණ තවත් දහසකින් ඉහළට

දැනට සෞඛ්‍ය අංශ මගින් දෛනිකව සිදුකරන කොවිඩ්-19 පරීක්ෂණ (පී.සී.ආර්.-PCR) සංඛ්‍යාව තවත් දහසකින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සතුව ඇති සියලුම පී.සී.ආර්. යන්ත්‍ර භාවිත කරමින් මෙම පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට වහාම පියවර ගැනෙනු ඇත.

මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සතුව පී.සී.ආර්. යන්ත්‍ර දෙකක්ද, කොළඹ විශ්වවිද්‍යාලය සතුව යන්ත්‍ර හතක්ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුව යන්ත්‍ර අටක්ද, සබරගමුව විශ්වවිද්‍යාලය සතුව යන්ත්‍ර දෙකක්ද, යාපනය විශ්වවිද්‍යාලය සතුව එක් යන්ත්‍රයක්ද, කැලණිය විශ්වවිද්‍යාලය සතුව එක් යන්ත්‍රයක්ද ඇති බව ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති බන්දුල ගුණවර්ධන අනාවරණය කළේය.මෙම පී.සී.ආර්. යන්ත්‍ර උපයෝගි කරගනිමින් දෛනික පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.

lanka lead news

Related posts

බැසිල්ගෙන් U turn අතහැර V turn එකක්.. ඩොලර් මිලියන 950යි..

Maimoonar

වරාය කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

Maimoonar

මගේ මේකප් ගැන ඩේසි අක්කා උනන්දු වුණු හැටි අද වගේ මතකයි අතීත මතක පෙළගස්වන අග්‍රගණ්‍ය සිනමා නිළිමාලිනී ෆොන්සේකා

Maimoonar