Local NewsNews

යුද හමුදා කැබ් රියේ ගැටී ‍පොලිස් සැරයන්ව‍රයෙක් ජීවිතක්ෂයට

නාරම්මල පොලිස් වසමේ නාරම්මල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කඩහපොල ගල්වංගුව හංදියේ දී කුලියාපිටිය දෙස සිට නාරම්මල දෙසට ධාවනය වු යුද හමුදා කැබ් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

එහිදී යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ ‍මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක් වු බෝයගනේ, පොතුහැර ප්‍රදේශයේ පදිංචි නාරම්මල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.

අනතුර සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇත.

නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇබඩින් දිය ඇල්ලේ සැඩ පහරකට හසුවූ විදේශික කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් බේරා ගැනේ

Maimoonar

දේශපාලනය නොකර ආයතනය දියුණු කර ලාබ උපයන්නැයි ජනපති ගුවන් විදුලියට දන්වයි..

Maimoonar

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMF

Maimoonar