29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

ලංකාව ඉල්ලීමක් කළත් ත්‍රි’මලේ තෙල් ටැංකි දෙන්න ඉන්දියාව අදි මදි කරයි

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ ඇති ටැංකි දහයක් නැවත ලබා ගැනීමට රජය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාල‌යෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මෙම තෙල් ටැංකි සංකීරණය 2001දී එවකට පැවැති රජය විසින් ඉන්දියාවට පවරා දුන් ඒවාය. දැනට පාවිච්චියට නොගන්නා මෙම තෙල් ටැංකි දහය ලක් රජයට පවරාගෙන අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් පමණ වැය වෙතැයිද ඇස්තමේන්තු කර ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දිය තානාපති කාර්යාල නිලධාරීන් මේ පිළිබඳ මූලික වටයේ සාකච්ඡාවක් පවත්වා ඇත. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය මත ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යාම සඳහා මෙම තෙල් ටැංකි පවරා ගැනීමට තීරණය කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (22 වැනිදා) මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉන්දීය මධ්‍යම රජයට මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත. තවද හම්බන්තොට වරාය පරිශ්‍රයේද නව තෙල් ටැංකි පද්ධතියක් ඉදිකිරීම පිළිබඳවද රජයේ අවධානය යොමුකර ඇත.

lanka lead news

Related posts

මැනිං වෙළඳ පොළ විවෘත වෙන දිනය කල්යයි

Maimoonar

ජාතික ධනය විනාශවීම වැලැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම්

Maimoonar

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු.. බදු අනුකූලතාවය වැඩි කරනු.. විදුලිය මිලකරණය නැවත පිහිටුවනු..- IMF

Maimoonar

3 comments

Comments are closed.