News Political

පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්..

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය දැන් අවලංගු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ, දෙමළ සංධාන සහ ජනතා විමුක්ති පෙරමුණ හිටපු මන්ත්‍රීවරුන්ගේ අදහසයි.

ඒ අනුව පැවති පාර්ලිමේන්තුව යළි බලාත්මක වන බැවින් ජනාධිපතිවරයා විසින් නොකැදවුවද ඊට රැුස්විය හැකි බව ඔවුන්ගේ අදහසයි.

එසේ පාර්ලිමේන්තුව රැස් කළ සැණින් විශ්වාසභංගයක් ගෙන විත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පවතින ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා සාකච්ඡා කෙරෙමින් ඇති බවද වාර්තා වෙයි.

කොරෝනා වසංගතය මර්දනය කිරීමට පවතින ආණ්ඩුව අසමත් වූයේ යැයි චෝදනා එල්ල කරමින් මෙසේ විශ්වාසභංගයක් ගෙන ඒමට සාකච්ඡා වෙමින් ඇත.

ඉන් පසුව එක්සත් ජාතික පෙරමුණේ නව රජයක් බිහිකිරීම සඳහා සූදානමක් ඇති බවද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..

Shiran Viraj

මාධ්‍යවේදිනියකගේ නිවසේ සෝදිසි මෙහෙයුමක්…

Shiran Viraj

පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..

Shiran Viraj

60 comments

Comments are closed.