Local NewsNews

ඉන්දීය ක‍්‍රමයට දඬුවම් දුන්නේ යයි වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි..

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කිරීම හේතුවෙන් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇත.

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය (13) නිවේදනය කළේය.

ඇඳිරි නීතිය අතරතුර, බලපත්‍රයක් නොමැතිව මරදාන ඩාලි පාරේ ගමන් කළ සිව්දෙනෙකුට, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දඬුවම් ලබා දී අවවාද කරන අයුරු පසුගියදා දෙරණ ඊයේ වාර්තා කළේය.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයට අනුයුක්ත සේවය කරන මෙම නිලධාරීන් දෙදෙනාට, අණට අකීකරු වීම හා අපකීර්තිදායක හැසිරීම යන චෝදනා එල්ල විය.

ඒ යටතේ ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවවයි පොලිස් මූලස්ථාන ඊයේ නිවේදනයේ සඳහන් වන්නේ.

කෙසේ වෙතත් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරි නිතිය පැනවේ

Maimoonar

අපි බාරගත්තේ සල්ලි නැතිව තෙල් නැවු පෝලිමක් තිබ්බ රටක්…

Maimoonar

පළාත් 3කට අදත් හවසට වැසි

Maimoonar

90 comments

Comments are closed.