Local NewsNews

සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කළ තවත් 7ක් අත්අඩංගුවට

අප්‍රේල් මස 10 වන දින සිට 12 වන දින දක්වා සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කරන ලද සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 10 වන දින බෙලිගල හා කටුගස්තොට යන ප්‍රදේශවල දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙකු අප්‍රේල් 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මේ අතර පසුගිය 11 වන දින වැලිමඩ, කඩවත හා රාගම ප්‍රදේශවලදී තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පසුගිය 12 වන දින නොච්චියාගම ප්‍රදේශයේ දී එක් පුද්ගලයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව කොරෝනා වෛරසය ව‍‍‍්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ ජාලා ‍ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පළ කරන ලද පුද්ගලයින් 16 දෙනෙකු මේ වන විට අපරාධ පරික්ෂ‍ණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇමරිකා බද්ද ගැන සියළු පක්‍ෂ එක්වෙයි.. ජනපති කාර්යාලයේ සාකච්චා…

Maimoonar

පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් 2026දී? – වැඩබලන පොලිස්පතිගෙන් ඉඟියක්

Maimoonar

සහල් ආනයන කරනවා.. කිලෝවට 65ක බද්දක් ගහනවා.. ඒ ගොවියා රකින්නයි…

Maimoonar

818 comments

Comments are closed.