30.3 C
Colombo
August 6, 2026
Local NewsNews

කොරෝනා නිසා වසා දැමූ බේරුවල පන්නිල ජනතාව විරෝධතා..

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට වසා දමා ඇති බේරුවල පන්නිල ප්‍රදේශයේ ජනතාව අද දින විරෝධතාවයක නිරත විය.

තමන් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය සපයා ගැනීමට හැකියාවක් නැති බව පවසමින් ඔවුහු මෙසේ විරෝධතාවයේ යෙදුනහ.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පවා නොතකමින් ඔවුහු මෙසේ විරෝධතා කලහ.

පසුව එම ස්ථානයට පැමිණි යුද හමුදාව සහ පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමෙන් පසු පිරිස විසිර ගිය අතර ඔවුනට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් බෙදා හරිනු ලැබීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලියාපදිංචි ඖෂධ හඳුනා ගන්න විශේෂ ස්ටිකරයක්..

Maimoonar

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අයදුම්පත්‍රය…

Maimoonar

ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…

Maimoonar

2 comments

Comments are closed.