27.2 C
Colombo
August 20, 2026
BusinessBusiness NewsNews

ඩොලරය රු200 ට ළං වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(06) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40ක් ලෙසින් සටහන් විය.

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 194.80 ක් ලෙසින් සටහන් විය.

2020 ජනවාරි මාසයේ මෙන්ම මාර්තු මස පළමු සතිය දක්වා පුළුල් ලෙස ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ සමපේක්ෂණාත්මක හැසිරීම හේතුකොටගෙන එතැන් සිට තියුණු ලෙස අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2020 වසරේ මාර්තු 30 දින වන විට රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 4.7කින් අවප්‍රමාණය වී තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇඳිරි නිතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ මෙන්න

Maimoonar

ආණ්ඩුවේ අවසානය ඩලස්ගේ පෑනෙන් ලියා දන්වයි.. අගමැතිට ඉවත්වන්න අන්තිම අවස්ථාව දෙයි..

Maimoonar

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

Maimoonar

491 comments

Comments are closed.