BusinessBusiness NewsNews

ඩොලරය රු200 ට ළං වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(06) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40ක් ලෙසින් සටහන් විය.

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 194.80 ක් ලෙසින් සටහන් විය.

2020 ජනවාරි මාසයේ මෙන්ම මාර්තු මස පළමු සතිය දක්වා පුළුල් ලෙස ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ සමපේක්ෂණාත්මක හැසිරීම හේතුකොටගෙන එතැන් සිට තියුණු ලෙස අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2020 වසරේ මාර්තු 30 දින වන විට රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 4.7කින් අවප්‍රමාණය වී තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් – ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුට

Maimoonar

චම්පික නෝ හෙල්ලුම්.. බොරු සාක්‍ෂි හැදූ බව හෙලිවෙයි.. බොරැල්ල OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග..

Maimoonar

එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්

Maimoonar

491 comments

Comments are closed.