Local NewsNews

‘අවිගන්’ පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ..

කොරෝනා අසාදිතයන්ට ප්රතිකාර කිරීම සඳහා ජපානයෙන් ගෙන්වන ලද ‘අවිගන්’ නම් ඖෂධය රෝගීන්ට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව තහවුරු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ අදාළ ඖෂධය ලියාපදිංචි කිරීමට හෝ ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ පෞද්ගලික සමාගමක් මෙතෙක් අවසර ලබාගෙන නොමැති බවයි.

මෙරටට කිසියම් ඖෂධයක් ආනයනය කරන්නේ නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ලබා ලියාපදිංචි විය යුතු බව එහි සභාපති මහාචාර්ය අසිත සිල්වා මහතා සඳහන් කරයි.

අදාළ ‘අවිගන්’ නම් ඖෂධය සම්බන්ධයෙන් ජපානයේ දී සායනික පර්යේෂණ දෙකක් පමණක් සිදුකර ඇති බවත් ජපානයේ ඖෂධ අධිකාරියද මෙම ඖෂධය ලියාපදිංචි කර නැති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ රජයේ ඉල්ලීමක් මත ජපානයෙන් අවිගන් ඖෂධ පෙති 5000ක් මෙරටට ගෙන්වා ඇති බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඒවා රෝගීන්ට ලබාදෙන බවද සභාපතිවරයා පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසු

Maimoonar

කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව-WHO

Maimoonar

විභාග තුළින් පමණක් දරුවන්ගේ දැනුම මැනීම අවසන් කරමින් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ…

Maimoonar

1 comment

Comments are closed.