29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

ටින් මාලු යළිත් වරායේ හිර වේ

ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇති ටින් මාලූ වරායෙන් නිදහස් කර ගැනීම තවදුරටත් ප‍්‍රමාද වන ලකුණු පළ වී තිබෙනවා. ඒ, අදාළ සියලූ ටින්මාලූ බහාලුම් යළි පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කිරීමත් සමගයි.

මේ වනවිට එළඹ ඇති අදාළ තීරණය පිළිබඳ නෙත් නිවුස්, රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්නගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ තත්ත්ව පාලන සහතිකය ලැබීමෙන් පසු ආහාර පාලක සිදු කරන පරීක්ෂා කිරීම් කාරණා දෙකක් බවයි. සෑම භාණ්ඩයකටම එය අදාළ නොවන බවද සඳහන් කළා.  

මෙවැනි ආහාර මෙරටට ආනයනය කිරීමෙන් පසු මෙතෙක් සිදුවූ කි‍්‍රයාදාමය සම්බන්ධයෙන් ද රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිදී පැහැදිළි කළා.

කෙසේවෙතත්, ආනයනකරුවන් දිගින් දිගටම මැසිවිලි නගන්නේ ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇති ටින් මාලූ වරායෙන් නිදහස් කර ගැනීම කල්යාම හේතුවෙන් ගැටලූ රැසක් මතුවන බවයි. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ද ඉකුත් දා පැවැත්වුණේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මෙම යාන්ත‍්‍රණයට සම්බන්ධ සෙසු ආයතන නියෝජනය කරන නිලධාරීන් ද සමගයි.

දැනට ඇති කි‍්‍රයාපටිපාටීන්ට අනුව ආනයනික ටින් මාලූ වරායෙන් නිදහස් කිරීමේදී ඒවා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේද අධීක්ෂණයට ලක් කෙරෙනවා. එහෙත්, ආනයනික ටින් මාලූ වරායෙන් නිදහස් කිරීමේදී ඒවා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධීක්ෂණයට ලක්වන බැවින් නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයද එහි අධීක්ෂණයන් සිදු කිරීම අවශ්‍ය නොවන බවටයි අදාළ සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ.

Related posts

සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි

Maimoonar

පාකිස්තාන-ශ්‍රී ලංකා සංචාරක ගිවිසුමක්

Maimoonar

මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..

Maimoonar

6 comments

Comments are closed.